Monday, May 20, 2024
spot_img

ත්‍රිකුණාමලයේ ගුවන්‍ යානයක් කඩා වැටෙයි – දෙදෙනෙක් මරුට

ත්‍රිකුණාමලය චීන වරායෙන් ගුවන්ගත වූ PT 8 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් එහි ගමන් ගත් පුහුණුකරු සහ පුහුණුවන්නා යන දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසීය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානයක්.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ අවුරුදු 26 සහ 37 වයස වල පසුවන නිලධාරීන් දෙදෙනෙක්.

මෙම අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාව විශේෂ කමිටුවක් පත් කර ඇති බවද සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles