Monday, May 20, 2024
spot_img

පළාත් කිහිපයකට අදත් වැසි

අද (24.09) දින සබරගමුව, බස්නාහිර හා වයඹ යන පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව,නැගෙනහිර,මධ්‍යම, උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

තවද, පුත්තලම සිට කොළඹ, ගාල්ල හා මාතර හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සුළං නිරිත දෙසින් හමා එන අතර,එම සුළගේ වේගය පැ.කි.මී. 30 – 40ක පමණ අගයක් ගන්නා අතර , වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට රළු ස්වභාවයක් ගන්නා බවත්, සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවටද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles