Monday, May 20, 2024
spot_img

ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි – අධ්‍යාපන ඇමති

2024 වසරේ සිට පාසල් වාර විභාග වසරකට එක් වරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.

මේ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.

තවද, ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුනක් සඳහා පාසල් වැඩ පොත කොටස් 03කින් යුතුව ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙමගින් පාසල් සිසුන්ගේ පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම හා කශේරුකා ආශ්‍රිත රෝග වලින් වළක්වා ගනිමින් ශරීර සුවතාවය ආරක්ෂා කර ගැනීමද අපේක්ෂා කරයි.

මෙම යෝජිත ක්‍රියාවලිය ලබන වසරේ 1 වසරෙන් ආරම්භ කර 13 වන ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සෑම වාරයකටම වරක් සෑම විෂයකම මෙතෙක් ඉගැන්වූ විෂය නිර්දේශය පදනම් කරගෙන වාර අවසානයේ විභාගයක් පැවැත්වූ අතර, එමගින් සියලු සිසුන්ගේම විෂයට අදාළ ලබාගත් ලකුණු හා ශ්‍රේණිය තුළ තමාට අයත් මට්ටම දැන ගැනීමට හැකි විය.

මේ දක්වා සෑම පාසලකම වසරක් සදහා වාර විභාග 03ක් පැවැත්වූ අතර එම විභාග අවසානයේ සිසුන්ට නිවාඩුවක් හිමිවන අතර පාසල් නිවාඩුවෙන් පසුව සිසුන් නැවතත් අලුත් ශ්‍රේණියට උසස් වීම මෙතෙක් පාසල් පද්ධතිය තුළ පැවති ක්‍රමවේදයයි.

නමුත් මෙම නව ක්‍රියාවලිය ඔස්සේ සිසුන්ගේ පාසල් පැමිණීම සහ එදිනෙදා පන්තියේ වැඩ කිරීම සිදුවන අතර, අමතර පන්ති යෑමකට අවකාශයක් අවශ්‍ය නොවන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles