Monday, May 20, 2024
spot_img

උඩවලව ජලාශයේ ජලමට්ටම 0.96% ක් දක්වා පහළට

වසර 20කට පමණ පසුව උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා උඩවලව ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි බව උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා සදහන් කරයි.

රත්නපුර , මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03ටම පානීය ජලය සහ කෘකෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාදෙන ප්‍රධාන ජල මූලාශ්‍රය වනුයේ උඩවලව ජලාශයයි.

උඩවලව ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 217, 440 කි.

වගාබිම් හෙක්ටයාර් 25,300 ක් පමණ පෝෂණය කරමින් ගොවි පවුල් 36,600කට පමණ මින් සෙත සැලසේ.

මේ වනවිට ජලාශයේ වාන් දොරටු ආශ්‍රිත ප්‍රදේශයන්හි ජලය සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව වාර්තා වේ.

උඩවලව ජලාශයේ ජලමට්ටම අද වන විට (06.08) 1%ක් දක්වා අඩුවි ඇති අතර, ගොවීන් පානීය ජලය ලබන සාමන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද මේ වන විට දරුණු ජල ගැටලුවකට මුහුණ දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles