Monday, May 20, 2024
spot_img

වනඅලි පහරදීමකින් දෙදරු පියෙක් මරුට!

ගලෙන්බිඳුනුවැව පඬිකාරමඩුව, මහසෙන්පුර ප්‍රදේශයේ දී 53 හැවරිදි දෙදරු පියෙක්ට වන අලියකු පහරදීම හෙතුවෙන් එම පුද්ගලයා ජිවීතක්ෂයට පත්ව ඇති බව මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධරියෙකු සඳහන් කරයි.

ඊයේ සවස (8.05) මියගිය පුද්ගලයා සහ තවත් අයෙකු හුරුළුවැව වැව් ඉස්මත්තට ගොස් තිබුනේ ගවයින්ට ආහාර ලබා දීම සඳහායි. මොවුන් ආහාර ලබා දී නැවත නිවසට පැමිණෙන අවස්තාවේදී , වැව් පිටියේ සැඟව සිටි වන අලි දෙදෙනෙකු විසින් මොවුන් පසුපස පන්නා ඇති බව වාර්තා වෙයි.

එහිදී එක් පුද්ගලයෙක් දිව ගොස් දිවි බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා වන අලින්ට හසුවී, ඔහුට පහර දී , වන අලියා විසින් එම පුද්ගලයාව පාගා ඇති බව සඳහන්ය.

අලින් විසින් පගා දැමූ පුද්ගලයා මිය ගොස් ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහසෙන්ගම, පඬිකාරමඩුව ප්‍රදෙශයේ පඳිංචි අයෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles